කොළඹ ප්‍රදේශ කිහිපයක අද (මැයි 19) රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා ඇත.

ඒ අනුව, අද රාත්‍රී 10:00 සිට හෙට (මැයි 20) උදෑසන 08:00 දක්වා එම ජල කප්පාදුව සිදු කෙරේ.

කෝට්ටේ හා කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම හා බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවල ජල කප්පාදුව සිදු වේ.

කොළඹ 4, 5, 7 සහ 8 යන ප්‍රදේශවලට ද එම කාලය තුළ ජල සැපයුම අත්තිටුවනු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබේ.