පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව තම බලතල භික්ෂූන් වහන්සේට ලබාදී ඇද්දැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මහතා ප්‍රශ්න කරයි.

සානක්‍යන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුනේ කිරන් හෙතාද සමඟ පෙරේදා (100ත්‍රිකුණාලය පුල්මුඩේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාව නිරත වූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ප්‍රශ්න කිරීම සිදු කළෝය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

පසුගිය සති කිහිපයේදී පුල්මුඩේ ප්‍රදේශයේ සිදුවූ විනාශකාරී සිදුවීය. සම්බන්ධයෙන් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරනු ලැබුවා. මේ පිළිබඳව ජනතාව අපව දැනුවත් කරනු ලැබුවා. මේ ප්‍රදේශයට පැමිණ තමන්ට සහාය පළ කරන්නැයි මේ ප්‍රදේශයේ ජනතාව අපගෙන් ඉල්ලීම් කළා.ඇතැම් අවස්ථා වල මෙම ප්‍රදේශයට පැමිණෙන භික්ෂුන් වහන්සේලා හා ඔවුන්ගේ ආරක්ෂකයෝ තුවක්කු පෙන්වා සමේ ප්‍රදේශයේ ජනතාව බියගැන්වීමට උත්සහා දරා තිබුණා. ජනතාවට තරජනය කර තිබුණා. වර්තමානයේදි මෙවැනි සිදුවීම් උතුරු නැගෙනහිර පළාත්වල බහුලව වාර්තා වෙමින් තිබෙනවා. මේ සිද්ධීන් වලට එරෙහිව අපි දැඩි විරෝධතා ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. මෙයාකාරයෙන් මඩකළපුව ප්‍රදේශයේ වෙසෙන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් රාත්‍රියේ ආරක්ෂක අංශ සමග තුවක්කු රැගෙන පැමිණ ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමට උත්සහා දැරුවා. ප්‍රදේශයේ ජනතාව ඔවුන්ව පලවා හැරීම නිසා එම උත්සහායන් ව්‍යර්ථ වුණා. අවාසනාවකට මෙවැනි භික්ෂුන් වහන්සේලාගෙන් අපගේ ඉඩම් අද අපට ආරක්ෂා කර ගැනීමට සිදුව තිබෙනවා.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හා ජනතාවටද එක්ව සිටියහ.

රාජිනි මෙන්ඩිස්