ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇත.

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල්වල මෙලෙස ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.

නිර්මාණි ගුණරත්න