එළැබෙන මැයි මස 15 වනදා වනවිට සියලුම පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

මේ වන විට 80%ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබා දී අවසන් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් ද මේ වන විට 85%ක ප්‍රතිශතයක් ලබා දී අවසන් අතර මැයි මස 15 වනදා වන විට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිල ඇඳුම් ද ලබා දී අවසන් කරන බව ද එම නිවේදනයෙන් සදහන් වේ.