මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් දන්සල් 14,250 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා ඇත.

ඉන් වැඩි දන්සල් ප්‍රමාණයක් බස්නාහිර පළාතේ සංවිධානය කර තිබේ.

දිවයින පුරා පැවැත්වෙන සියලුම දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් 3,000 සේවයේ යොදවා ඇත.

මේ අතර අනුරාධපුරය, මිහින්තලය ඇතළු පූජා භූමි ආශ්‍රිතව පැවැත්වෙන දන්සල් විශේෂ පරික්ෂාවක් සිදුකිරීමට නියමිත බව ද සඳහන් වේ.

දන්සල් ඉතා පිරිසිදුව පිරිසිදු චේතනාවෙන් ලබා දීමට කටයුතු කරන ලෙස එම සංගමය දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලිමක් කර ඇත.