මෙවර පොසොන් පොහොය වෙනුවෙන් පුදබිම් කරා යන පිරිස් සඳහා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව ජුනි 02 වැනිදා සිට 05 වැනිදා දක්වා මාතර බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 10ක් ක්‍රියාත්මක වේ.

ගමන් වාර 5ක් සහ යාමට ගමන් වාර 5ක් ලෙස එම ගමන් වාර යොදවා ඇත.

අවශ්‍යතාව මත තවදුරටත් දුම්රිය සේවාවන් එක් කිරීමට බලාපොරොත්තු වේ.

අනුරාධපුරය දිස්ත්‍රික්කය පුරා මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400ක් යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වේ.