දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන නිසා මෙම තීරණය ගෙන තිබේ.

දුම්රිය තුළ ද මෙය සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.