තුන්වන  චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

චාල්ස් රජගේ රාජාභිෂේකය ඊයේ (06) පැවති අතර එයට විරෝධය පළකරමින් රාජාණ්ඩුවට විරෝධය දක්වමින් විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්‍රයේ මෙලෙස විරෝධතාවල නිරත වී තිබේ.

චාල්ස් රජු තමන්ගේ රජු නොවන බව පවසමින් එම පිරිස විරෝධතා පුවරු අතැතිව මාර්ග අවහිර වන ලෙස විරෝධතාවයේ නිරත වූ බව ද වාර්තා වේ.

සසිඳු සහන් තාරක