වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් අතර හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (11) පැවැත්විණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහාත්, බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාංග හුවමාරුව සඳහාත් මෙම දූත පිරිස මෙරටට වෙත පැමිණ තිබේ.

ශ්‍රී දළඳා මාලිගාව,ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මහියංගනය යනාදී බෞද්ධ කේන්ද්‍රස්ථාන වැඳපුදා ගැනීම සහ අති පූජ්‍ය භික්ෂූන් වහන්සේලා බැහැදැකීමටත් මෙම දූත පිරිසෙහි අරමුණ වේ.

වියට්නාම බෞද්ධ සංඝ සභාවේ අනුශාසක මණ්ඩලයේ උප උත්තරීතර කුලදෙටුවන් වන අතිපූජ්‍ය තිච් වියන් මිං,වියට්නාම බෞද්ධ සංඝ සභාවේ විධායක සභාවේ මහලේකම්, උප සභාපති අතිපූජ්‍ය ආචාර්ය තිච් ඩක් තියන්,ජාත්‍යන්තර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා; වියට්නාමයේ උප සභාපති ලංකා මිත්රත්ව ශ්‍රී සංගමයේ වියට්නාම බෞද්ධ සංඝ සභාවේ විධායක සභාවේ උප සභාපති අතිපූජ්‍ය තිච් තන් ෆොං, Ho Chi Minh City හි Vinh Nghiem Pagoda හි ප්‍රධාන ඇබිට්, තිච් Gioi Duc, Huyen Khong Pagoda හි ප්‍රධාන ඇබිට්, Hue City ජාත්‍යන්තර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් පූජ්‍ය තිච් ක්වාං ලාම්, Ha Noi City හි Long Hung Pagoda හි ප්‍රධාන ඇබිට් ගරු Le Ngoc Tin,ශ්‍රී ලංකාවේ වියට්නාමයේ තානාපති Nguyen Thi Toan මහත්මිය,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.