ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක ශූරතාවය දිනූ කණ්ඩායම නියෝජනය කළ ළාබාලතම විදේශීය ක්‍රීඩකයා වෙමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

තවමත් 20හැවිරිදි වියේ පසුවන මතීෂ 05වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය.

මතීෂ පතිරණ මෙම තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහාද නිර්දේශ විය. එහිදී ඔහු උපරිම ප්‍රේක්ෂක ඡන්ද ලබාගෙන තිබූ අතර, කෙසේ නමුත් විචාරකයන්ගේ සහ රසිකයන්ගේ ඒකාබද්ධ ඡන්ද මැන බැලීමේදී එම සම්මානය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යෂස්වි ජයිස්වාල් සමත් විය.

අයි.පී.එල්. තරගාවලියෙන් පසුව මතීෂ මෙරටට පැමිණ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරඟාවලියට සහභාගි වීමට නියමිතව ඇත.

ඇෆ්ගනිස්තානය සමග එක්දින තරගාවලිය ජුනි 02වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එහිදී මතීෂ පතිරණ බොහෝවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරනු ඇත.

කවිඳු කාරියවසම්