<span;>මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර ඇත.

<span;>ඊයේ (31) රැස්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14 ක් දක්වා පහළ දමා තිබේ.

බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්දමනය අඩුවීම හේතුවෙන් එම තීරණය ගත් බව මහ බැංකුව නිවේදනය කර ඇත.

එමෙන්ම මැයි මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සසිදු සහන් තාරක