අනිද්දා(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙය සදහන් කර තිබේ.

යතුරුපැදියකට සහ ත්‍රීරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමා ඇත.

මීට පෙර යතුරුපැදියක් සඳහා ලීටර් 7 ක් සහ ත්‍රීරෝද රථයක් සඳහා ලීටර් 08 ක් ලබාදී තිබුණි.

එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ඉහළ දමා ඇත.

එමෙන්ම බස් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන තිබේ.

බස් රථ සඳහා මීට පෙර ලීටර් 60 ක ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය කටයුතු කෙරිණි.

මීට අමතරව මෝටර් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ නංවා ඇත.

එමෙන්ම ලොරි රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත.

වෑන් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10 කින්  ඉහළ නංවා තිබේ.

ඉඩම් වාහන සඳහාද ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර 25 සිට 45 දක්වා ඉහළ නංවා ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.