මෙරට තුල ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ මෙහෙයුම් ජුනි මස මුල් සතියේ ආරම්භ කිරීමට RM Parks-Shell සමාගම එකඟතාවය පල කර ඇත.

RM Parks-Shell සමාගමේ නිලධාරීන් සමග ඊයේ (02) දිනයේ පැවති  සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළ කර තිබේ.

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර ඇත.

එහිදි මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමට වෙන් කර ගැනීමට සහ ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පල කර තිබේ.

එමෙන්ම එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කල සංචාරයේදී නිරික්ෂණය කල නැව් ගොඩ බැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහය පල කර ඇත.