යුරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසා ඇත.

ඒ අනුව ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බව ඇමතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම  යල කන්නය සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර එළැඹෙන මස 12ට පෙර බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එලෙස ඕමානයෙන් මෙරටට ආනයනය කර ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික්  ටොන් 31,250 ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ  සඳහන් කර ඇත.

ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් තවත් යූරියා මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු පවසා ඇත.