පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ප්‍රකාශ  රත්‍රං ළඟ තබා ගැනීම හේතුවෙන්  ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශ නොකල  රත්‍රං කිලෝ 3.5ක් මන්ත්‍රීවරයා සතුව තුබූ බව ද සදහන් වන අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමඟ BIA හි දී අත්අඩංගුවට ගත් බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී  ඉල්ලීමක් කර ඇත.