සුප්‍රසිද්ධ ඉන්දියානු චිත්‍රපට මාලාවක් වන KGFහි ප්‍රධාන චරිතය වන ‘රොකී’ට පණ පොවන සුපිරි ඉන්දියානු රංගන ශිල්පී යෂ් හෙවත් නවීන් කුමාර් ගොව්ඩා මේ වනවිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.

ඔහු දැනට යාල ඇතුළු ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති අතර, මේ දිනවල ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටියි.

කෙසේ වෙතත් ඔහුගේ සංචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය නොවන අතර, ඔහු කොපමණ කලක් මෙරට රැඳී සිටින්නේද යන්න පිළිබඳවද මෙතෙක් වාර්තා වී නැත.

එතෙක් මෙතෙක් කන්නඩ සිනමාවක් ඉපයූ ඉහලම ආදායම ඉපයූ ප්‍රථම හා එකම චිත්‍රපටිය KGF වන අතර, ඒ වගේම වර්තමානයේ දී වැඩිම ආදායමක් වගේම වැඩිම ඉපයීමක් කරන්නෙද යශ් විසිනි.

ඔහු මේ වන විට සම්මාන රැසකින්ම පිදුම් ලැබීමට ද සමත් විය.