පලාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස එක්සත් ජාතික පක්ෂයේ කොලඹ නගරාධිපති අපේක්ෂක රෝසි සේනානායක මහත්මිය පත් කර ඇත.

ඊට අදාල පත්විම් ලිපිය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මේ වන විට නිකුත් කර තිබේ.

එහෙත් දැනට ප්‍රකාශිත පලාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාවක ලෙස ඉදිරිපත් වි සිටින රෝසි සේනානායක මහත්මිය ජනාධිපති පලාත් පාලන කටයුතු උපදේශකවරිය ලෙස පත් කිරිම නිත්‍යානුකූල නැතැයි යනුවෙන්ද සදහන් වේ.

මේ අතර රෝසි සේනානායක මහත්මිය සංවිධායක ධුරය දැරූ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායක ලෙස සාගල රත්නායක මහතාව පසුගියදා පත් කර ඇත.