ලංකාවේ වැඩිම විරැකියාව ඇති පළාත බවට දකුණු පළාත පත්ව ඇතැයි ද ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැගින් තිබුණත් මාතර දිස්ත්‍රික්කයට ඇත්තේ එක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පමණක් යැයිද පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ලංකාවේ විරැකියා ප්‍රතිශතය 5.1% ක් බවට පත්ව ඇති බවද දෙවැනි තැනට වැඩිම විරැකියා ප්‍රතිශතයක් ඇති දිස්ත්‍රික්කය මාතර බවද කී මන්ත්‍රීවරයා එම අගය 7.2% ක් බවද සඳහන් කරන ලදි..

තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරය පවසා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරැකියා ප්‍රතිශතය 7.7% ක් වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ 7% ක ප්‍රතිශතයක් ඇති බවයි. තවද උගත් තරුණ විරැකියාව බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවද එතුමා පාර්ලිමේන්තුව අමතා කියා සිටියේය.

සසිඳු සහන් තාරක