පිරිමි මීටර් 100 ඔලිම්පික් සහ ලෝක ශූරයන්ට එරෙහිව තරග වැදීමේ අවස්ථාව හිමිකරගත් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන්ට එම අවස්ථාව අහිමි වී තිබේ.
ඒ ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙනි. ඒ අනුව යුපුන් මෙම සිකුරාදා පැවැත්වීමට නියමිත ෆ්ලොරන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් ඉවත් වී ඇත.

පසුගිය සතියේ සැවෝනා ජාත්‍යන්තර තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගය අවසන් වන විට යුපුන් සුළු ආබාධයකට ලක් වූ අතර, ඉදිරි සති කිහිපය සඳහා විවේක ගන්නා ලෙස ඔහුගේ වෛද්‍ය කණ්ඩායම ඔහුට උපදෙස් දී තිබේ.

මෙම ඩයමන්ඩ් ලීග් තරගාවලියට ඔලිම්පික් මීටර් 100 ශූර ලැමන්ට් මාර්සෙල් ජෙකොබ්ස්, මීටර් 100 ලෝක ශූර ෆ්‍රෙඩ් කර්ලි ඇතුළු ලොව විශිෂ්ට ක්‍රීඩකයෝ සහභාගි වෙති.

Kavindu Kariyawasam