වගා ආරක්‍ෂණය සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබේ.

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇත.

නිර්මාණි ගුණරත්න