උත්සව සමයේ වැඩිමිලට භාන්ඩ අලෙවි කිරීම , තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම  ඇතුළු වැරදි සිදුකල වෙළෙදුන් 1500 කට ආසන්න ප්‍රමාණයක්  පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් වැටලීම් සිදු කර ඇත.

ඉදිරි දිනයන්හිදි ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන අතර මෙහිදි බිත්තර පිලිබඳවද වැඩි අවධායක් යොමු කරන ලෙසද සියලු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එහිදි ඊයේ (09) දින කුරුණෑගල,  හල්මිල්ලවැව සහ කඩිගමුව යන  ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරික්ෂා කිරීමේදි  වැටලීම් සිදු කිරීම සඳහා  නිලධාරීන් කටයුතු කර ඇත.

ඉදිරි  දිනයන්හීද තවදුරටත් වෙලදපල වැටලීම්වලට සමගාවීම  විශේෂයෙන්ම බිත්තර ගොවිපලවල් ද වැටලීම් හා විමර්ෂන සදහා නිලධාරින් යොමු කර තිබේ .

උත්සව සමයේ රාජකාරින් සඳහා  විශේෂ කණ්ඩායම් යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රි  කාලයේද අධිකාරියේ නිලධාරීන් තවදුරටත්  රාජකාරින් සිදුකරමින් පවතින බව ද පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සදහන් කරයි.

නිර්මාණි ගුණරත්න