විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත.

ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පුර්ණ කිරීමට අනුමැතිය ලැබුණු බවද ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සදහන් කර තිබේ.

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත්, සවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ආදී ජාත්‍යන්තර ආයතනවල සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට ලබා ගැනීමටත්, මුල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමටත් සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පුර්ණ කිරීමටත් අනුමැතිය ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

නිර්මාණි ගුණරත්න