කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව විරෝධතාවක් අද (04) දහවල් පැවැත්වීමට තීරණය කර ඇත.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවැත්වේ.

ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

මේ අතර ජලසම්පාදන සේවකයින් අද (04) දින කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

වෛද්‍ය නිවාඩු දින වල සේවා ඉටු කිරිම වෙනුවෙන් ලබාදිය යුතු දීමනා ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වර්ජනය දියත් කරන බව සදහන් වේ.

නිර්මාණි ගුණරත්න