2009 වසරේදි මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති අවසන් යුද ගැටුම් වලදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් පිදිකඩන් හෙවත් නිර්කාර් සඩංගු නැමති අවසන් අවමංගල්‍ය චාරිත්‍රය  අද (18)  වෙල්ලමුල්ලිවයික් කාල්හිදි සිදු කිරීමට නියමිතය.

යුද්ධයේ අවසන් ගැටුම් වලදී මිය ගිය ජනතාවගේ ආත්ම වලට ශාන්තිය ප්‍රාර්ථනා කරමින් මෙම චාරිත්‍ර සිදු කෙරෙන බව මුල්ලිවයික්කාල් සමරු කමිටුව පවසා ඇත.

එම කමිටුව පසුගියදා  මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

නිර්තාර් සඩංගු නම් චාරිත්‍රය සිදු කිරීමට මුල්ලිවයික්කාල් වෙරළ මාර්ගයට අද උදෑසන සිට පැමිණෙන්නැයිද එම කමිටුව මුල්ලිවයික්කාල් අවසන් යුද ගැටුම් වලදි මිය ජනතාවගේ ඥාතීන්ට ආරාධනා කර ඇත.

වෙල්ලමුල්ලිවයික්කාල් දිනය සිහිපත් කරමින් අද දිනයේදී උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන රැසක අනුස්මරණ උත්සව රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර මෙම සැමරුම පසුගිය සදුදා දින මුල්ලිවයික්කාල් කංජි හෙවත් මුල්ලිවයික්කාල් කැඳ බෙදා දීමේ උත්සවය සමගින් ආරම්භ විණි.

රාජිනි මෙන්ඩිස්