ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලාධාරී මණ්ඩලය පත්කර ගැනීම සඳහා අද පැවැති නිලවරණයෙන් ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 -2025 වසර සඳහා  සභාපති ධුරයට යළි පත්විය.

ශම්මි සිල්වා මහතා මෙවරද සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරීපත් වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට කළේය.

ඒ අනුව ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තේරී පත්වන තෙවැනි අවස්ථාව මෙයවන අතර, එම තනතුර සඳහා නිතරගයෙන් තේරී පත් වූ දෙවැනි අවස්ථාවද මෙය වේ.

කවිදු කාරියවසම්