ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (12) සමත් විය. ඒ අද පැවැති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 44කින් ජය ගනිමිනි.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 158ක් රැස් කළේය.

මෙහිදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට හර්ෂිතා සමරවික්‍රම හා නිලක්ෂි ද සිල්වා සමත් විය. හර්ෂිතා එහිදී පන්දු 42කින් ලකුණු 51ක් රැස් කළ අතර නිලක්ෂි පන්දු 39කින් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තාය. ඊට හයේ පහර 04ක් සහ  හතරේ පහර 04ක් ඇතුළත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 114ක් පමණි.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර හා උදේශිකා ප්‍රබෝදනී කඩුලු දෙක බැගින් දවා ගත්හ.

කවිඳු කාරියවසම්