20වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්ව ජයගනිමින් ශ්‍රී ලංකාව දෙවැනි රන් පදක්කමට හිමිකම් කීවේය.

මීට පෙර මීටර් 800 බාලිකා ඉසව්වෙන් පළමු ස්ථානයට පත්වූ තරුෂි දිසානායක, ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තර හේවගේ සහ හසන්ත ෂෙහාන් දිල්රංග මීටර් 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට තරග කරමින් පළමු ස්ථානය දිනා ගත්හ.

ඔවුන් මිනිත්තු 03යි තත්පර 25.410කින් එම ඉසව්ව නිම කළ අතර එය නව ජාතික වාර්තාවකි. මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය දකුණු කොරියාවටත් (3:28.293), තෙවැනි ස්ථානය ඉන්දියාවටත් (3:30.129) හිමි විය.

දකුණු කොරියාවේ පැවැත්වෙන 20වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය අදයි.