ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර අද දින සිට ප්‍රවේශපත්‍ර කවුළු මගින්ද ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ අනුව කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකිය.

කවිඳු කාරියවසම්