ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම හෙට (20) කොළඹ JAIC Hiltonහිදී පැවැත්වේ.

මෙම මහ සභා රැස්වීමේදී 2023-2025 කාලසීමාව සඳහා නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා ‘SLC මැතිවරණ කමිටුව’ මගින් ඊට අදාළ නිලවරණය පවත්වනු ලබයි.

මහා සභා රැස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් හෙට පෙරවරු 10.00ට ආරම්භ වේ.

වාර්ෂික මහා සභා රැස්වීම අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතය.