ප්‍රවිණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා අද(01)  අලුයම අභවප්‍රාප්ත වී ඇත.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 83ක් විය.

මීට දින තුනකට ඉහතදී කලංසූරිය මහතා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට නිවෙස බලා පැමිණ තිබුණු බව ද සදහන් වේ

සිංහල සිනමා වංශ කතාවේ ඉලන්දාරි  පෙම්වතාගේ චරිතයට ඔහු  විසින්  නව පෙනුමක් එක් කරන ලදි.

සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ චරිතයට පන පොවමින් කලංසූරිය මහතා සිංහල සිනමා ගමන ආරම්භ කරයි.

අනතුරුව අහස් ගව්ව, අක්කර පහ , අපේක්ෂා , පරිත්‍යාගය , තරංගා ,බඹරු ඇවිත්, සාගරයක් මැද , පුජා ආදී චිත්‍රපට  රැසක විශිෂ්ට චරිතාංග නළුවකු ලෙස සිය රංගන ප්‍රතිභාව විදහා පෑවේය.

එමෙන්ම ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගනයන් සදහා  ඕ.සී.අයි.සී. ජනාධිපති සහ සරසවි සම්මාන රැසකින්ද පිදුම් ලැබුවේ ය.

මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍යයේ ද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවූ ඔහු  ප්‍රේක්ෂක ජනාදරයට පත් වුණේ නිහතමානි කලාකරුවෙකු ලෙසය.

අමරසිරි කලංසූරිය 1940 වසරේ සැප්තැම්බර් 20 වන දා උපත ලැබීය.

ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ අතර මහනුවර කන්‍යාරාමයේ ත්, කිරිබත්කුඹුරේ ශ්‍රී රතනජෝති විද්‍යාලයේත්, මහනුවර සාන්ත ක්‍රිස්ටෝෆර් විද්‍යාලයේ ත් වරින් වර අධ්‍යාපනය ලබා ඇත.

ඔහු චිත්‍රපට නළුවෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් ලෙස ද කටයුතු කරනු ලැබිය.

“සිංහල සිනමාවේ දඟකාර පෙම්වතා” යන අන්වර්ථ නාමයෙන් ද ඔහුව හඳුන්වනු ලබයි