මෙරට තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) චීනයේ සයිනොපෙක් සමාගම සමග අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එමගින් එළඹුණු බව ද සදහන් වේ.

කැබිනට් අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවක් චීන සයිනොපෙක් සමාගම සමග පැවැත් වු සාකච්ඡාවලින් අනතුරුව ලබාදුන් නිර්දේශවලට අනුව එම ගිවිසුමට එළඹී තිබේ.