පස් අවුරුදු ධූර කාලයක් සදහා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාව පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ වියෝව නිසා හිස් වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති පුරප්පාඩුව සදහා සුනිල් ආරියරත්න මහතාව මෙසේ පත් කර තිබේ.

73 වන වියේ පසුවන ඔහු මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ගේ‍යපද රචකයෙක් මෙන්ම ග්‍රන්ථ කතුවරයෙක් වන අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානව ශාස්ත්‍ර පීඨයෙහි මහාචාර්‍යවරයෙකු ලෙසද සේවය කරයි.
 

නිර්මාණි ගුණරත්න