හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අවස්ථා 3 කදී පැමිණිනෙන්නැයි ඒ ඔහුට  දැනුම් දී තිබිණි.

ඒ අනුව, ඊට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභායාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම සලකා බලා ඇති සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

හිටපු නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා සමග ශානක කුරේ සහ දිමිත්‍ර අබේසේකර යන මහත්වරුන් පෙනී සිට  ඇත.