කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී අද (06) උදෑසන බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මෙය දැනුම්දී තිබේ.

කොල්ලුපිටිය, ලිබර්ටි මංසංධිය අසලදී අද ( 6) අලුයම 6:00ට පමණ මගී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මේ වන විට මගීන් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.