IHP සමීක්ෂණ ආයතනය විසින් මැයි මාසයේ සිදු කරන ලද ජනාධිපතිවරණ මත විමසුම පිළිබඳව නවතම සමීක්ෂණ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එලෙස සිදුකරන ලද ජනාධිපතිවරණ මත විමසුමේදී සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය විසින් 34%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙන බව සදහන්

ඒ අනුව සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට ජනතාව වැඩි කැමැත්තක් දක්වන බවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට කැමැත්ත දක්වා ඇත්තේ 06%ක් පමණ වන අතර ශ්‍රී ‘ලංකා පොදුජන පෙරමුණ සඳහා 13% පමණ කැමැත්තක් දක්වා තිබෙනවා

තවද ඉ.ත.අ.ක.හෙවත් (දේ .ජා.ස.) 4% ලබා ගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇත්තේ 1%ක් පමණයි.

2024 අප්‍රේල් මාසයේදී (ස.ජ.බ. සහ ජා.ජ.බ ) අතර සුළු වෙනසක් පැවතුන බවයි IHP සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ
.
මෙම සමීක්ෂණය යාවත්කාලීන කිරීමට 2024 මැයි මාසයේ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 503ක් ඇතුළුව 2021 ඔක්තෝබර් පළමුවනදා සිට 2024 ජුනි 24 දක්වා ශ්‍රී ලංකාව පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 17751ක් පදනම් කර ගෙන බව එම ආයතනය පෙන්වා දෙනවා.

මෙය සංශෝධිත MRP ආකෘතියක් මත රඳා පවතීන අතර එහි අවිනිශ්චිතතාවය ගණනය කිරීම සඳහා පුනරාවර්ථන සියයක් සිදු කරන ලදී.

මැයි මාසය සඳහා දෝෂාන්තිකය 1-5% ලෙස තක්සේරු කර තිබෙනවා.

IHP යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ස්වාධින , පක්ෂග්‍රාහී නොවන පර්යේෂණ මධ්‍යස්ථානයකි.