පසුගිය දිනක ඉරානයේ ටෙහෙරානයේ දී එල්ල වූ ප්‍රහාරයකින් හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයෙන් අනතුරුව හිස්වූ හමාස් සංවිධානයේ නායකත්වයට යහියා සින්වාර් පත්කර තිබෙනවා

2017 වසරේ සිට ගාසා තීරයේ හමාස් නායකයාව සිටි සින්වාර් සංවිධානයේ සියලු දේශපාලන කටයුතු වල ප්‍රධානීත්වය දැරීමට නියමිතය.

දින දෙකක් පුරා දෝහා හි පැවති සාකච්ඡා වලින් අනතුරුව එම තනතුර සඳහා සින්වාර් පත්කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම සාකච්ඡා අතරතුර හමාස් නායකත්වය සඳහා නම් දෙකක් යෝජනා විය

ඒ සින්වාර් සහ මොහොමඩ් හසන් ඩාර්විෂ්

මේ වනවිට මොහොමඩ්, හමාස් සංවිධානයේ ශූරා කවුන්සිලයේ නායකයා ලෙස කටයුතු කරයි.