COVID-19 වයිරසය  තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (05) දින ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ප්‍රකාශය වසංගතය අවසන් බවට හැඟවෙන ප්‍රධාන කරුණක් ලෙස පෙන්නුම් කෙරෙන  අතර එම ප්‍රකාශය සිදු කෙරෙන්නේ වෛරසය පිළිබඳ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කිරීමෙන් වසර තුනකට පසුවය.

වයිරසයේ මරණ අනුපාතය 2021 වසරේ ජනවාරි මාසයේදී සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩි ප්‍රමාණයක සිට මෙම වසරේ අප්‍රේල් මස 24 වන දින වන විට 3,500 කට වඩා අඩු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා (Tedtos Adhianom Ghetteyes} ප්‍රකාශ කර ඇත.

වසංගතයෙන් අවම වශයෙන් මිලියන හතක ජනතාවක් මිය ගිය ගොස් තිබෙන බව ද සදහන් වේ.

ඊයේ (04) දින කොවිඩ් හදිසි කමිටුව 15 වන වරටත් රැස් වූ අතර එහිදී ජාත්‍යන්තර අවධානයට මෙම තත්ත්වය  කතා බහට ලක් වී ඇත.

එහිදි  මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කරන ලෙසත් නිර්දේශ ඉදිරිපත් වී තිබේ.

එය පිළිගනිමින් cOVID-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් වීම අවසන් බවට  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

කාලයක සිට මෙම තීරණය ඉතා හොඳින් සලකා බලා දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් බවත් ඔහු එහි දී සඳහන් කර තිබේ.

නමුත් ඔහු අනතුරු අඟවා ඇත්තේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් අනතුර අවසන් වී ඇති බවක් අදහස් නොවන අතර තත්ත්වය වෙනස් වුවහොත් හදිසි තත්ත්වය නැවත ස්ථාපිත කල හැකි බවය.

එන්නත් ලබාදීම මෙම වසංගතයේ අවදානමෙන් ඉවත් වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එන්නත් මාත්‍රා බිලියන 13 ක් ලබා දී ඇති බව ද වාර්තා වේ.

නමුත් බොහෝ රටවල එන්නත් අවශ්‍ය අයගෙන් වැඩි දෙනෙකු වෙත ඒවා ළඟා වී නොමැති බවට ද  විදෙස් මාධ්‍ය වර්තා සදහන් කර ඇත.