සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබේ.

එහි සාමාජිකයින් ලෙස ,

බන්දුල දිසානායක – සභාපති
ෂේන් ප්‍රනාන්දු – සාමාජික
තරංග පරණවිතාන – සාමාජික
ටිරෝන් විජේවර්ධන – සාමාජික/ලේකම් පත් කර ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වේ.

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වනදා ඇරඹෙයි.