ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන්ට ලියාපදිංචි වීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

දේශීය හා විදේශීය ක්‍රීඩකයන් සඳහා ලියාපදිංචි වීමට මැයි 25වැනිදා දක්වා කාලය ලබාදී තිබූ අතර, එය දැන් විදේශීය ක්‍රීඩකයන් සඳහා පමණක් මැයි 28වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල තරඟ වැදුණු සහ නොවැදුණු විදේශීය ක්‍රීඩකයන් 600කට අධික සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා මීට ලියාපදිංචි වෙමින් සිටි බව LPL තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

සමහර ක්‍රීඩකයන් සහ නියෝජිතයන් ලියාපදිංචිය සඳහා දින කිහිපයක් කල් ඉල්ලා ඇති බැවින් ඔවුන්ට අමතර දින කිහිපයක් ලබා දුන් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

LPLහි ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14වැනිදා පැවැත්වීමට නියමිතය.

කවිඳු කාරියවසම්