දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් හා අංගම් කලාව ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා අංගම් ශිල්ප වෙබ් අඩවිය (Angan.lk) අන්තර්ජාලය වෙත මුදාහැරීම සහ අංගම් ශිල්පීන් සඳහා හැඳුම්පතක් ලබාදීම පසුගිය දා සිදු කෙරිණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී සිව්හෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේ සාමාජික හමවේදි විෂය භාර ඇමති විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කර තිබේ.

එහිදි අංගම්පොර සංස්කෘතික ප්‍රදර්ශනයක් සීගිරිය,ගාල්ල කොටුව හා යාපනය ආදී ප්‍රදේශවල පැවැත්වීමට සම්බන්ධ වන ලෙස සිව්හෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයෙන් ඇමැතිවරයා ඉල්ලිමක් ද කර ඇත.

සංස්කෘතියට සීමාවක් නොමැති බවත්, අංගම් කලාව කලාවක් වශයෙන් පෝෂණ කිරීම හා ප්‍රචලිත කිරීමට කටයුතු කිරීමට සුදුසු වැඩ පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බවද විදුර වික්‍රමනායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.