කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

අක්කර බදු  ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  අය කර ගෙන රාජ්‍ය ආදායමට බැර කරනු ලබයි.

අක්කර බදු තවදුරටත් අය කළ යුතු නැතැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සඳහන් කළ බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක්  ඒවා එකතු කිරීමට රජයට  වැය කිරීමට රජයට සිදු වී තිබූ බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එමනිසා ඉදිරියේ දී අක්කර බදු අය කිරීම මුලුමනින්ම අතිහිටුවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අක්කර බදු අය කිරීම  මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයකි.