ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස පාකිස්තාන නායක බාබර් අසාම් නම් කර තිබේ. ඒ අනුව බාබර් මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනාගත් තෙවැනි අවස්ථාව මෙයයි. එමෙන්ම මීට පෙර කිසිදු ක්‍රීඩකයෙක් අයි.සී.සී. මාසයේ ක්‍රීඩකයා සම්මානය තෙවරක් දිනාගෙන නොමැත.

බාබර් අසාම් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේදී සහ ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් අගෝස්තු මස ක්‍රීඩකයා ලෙස නම් කර ඇත. ඔහු අගෝස්තු මාසයේදී ලකුණු 264ක් රැස්කර ඇති අතර, එහි ඉනිමක සාමාන්‍ය 66.00ක් ලෙසයි.

මෙම සම්මානය සඳහා පාකිස්තානයේ ෂදාබ් කාන් සහ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 නායක නිකලස් පූරන්ද නිර්දේශ වී සිටියහ.