ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ප්‍රකාශ කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර ඇති බවට මාධ්‍ය වල පළවී ඇති වාර්තා සම්බන්ධයෙන්  මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ක්‍රිකට් අතුරු කමිටුවට පත් කර ඇති සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා අනුමැතියක් ගෙන නැතැයි ද මෙහිදී අනාවරණය වී තිබේ.

අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන්  අද (06) සවස පැවැත්වෙන ඇමති මණ්ඩල හමුවේ දී ක්‍රීඩා ඇමතිවරයාගෙන් විමසා සිටීමට ඇමතිවරුන් කිහිප දෙනකු සුදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කිමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරන මුත් ක්‍රීඩා ඇමතිවරයා ඒ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර නැතැයි ද වාර්තාවේ.