අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙනි.

රජයේ සෑම ආයතනයකට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න පවසයි.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර රටවල් රැසක ශෝක දින ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.