එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (30) සිට විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර ඇත.

එම වැටලීම් 2024 ජනවාරි 15 දක්වා සිදු කෙරෙන බව එම අධිකාරිය පවසා තිබේ.

නිවාඩු දිනවලදීත් නිලධාරීන්ට රාජකාරි පැවරීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පාරිභෝගිකයන් සඳහා භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.