ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලීසිය සිදු කළ පහර දීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගුරු – විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කනගාටුව පළ කළ බවය.

කෙසේ වූව ද පසුගිය 24 වන දා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පැවති ගුරු – විදුහල්පති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගැස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලබා තිබිණි.