අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පතක් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ද අද පැවැත්වෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

මීට අමතරව දූෂණ විරෝධී පනතේ සංශෝධන කිහිපයක් ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.