රාජ්‍ය සේවකයන්ගේ නිර්මාණශීලි කලා කුසලතා ඇගයීමත්, නිර්මාණකරණයේ යෙදෙන රාජ්‍ය සේවකයින්ගේ නිර්මාණ කාර්යය සඳහා දිරි දීමත් කිරීමත් පරමාර්ථ කර ගනිමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවත්වන අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේදී අද (30) පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා රාජ්‍ය සේවයේ නියැලෙන කලා හැකියාවන්ගෙන් පරිපුරන් රාජ්‍ය සේවකයන්ගේ නිර්මාණ ඉදිරිපත් කෙරෙන අතර ඔවුන් අගයනු අස් මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

සිංහල හා දෙමළ මාධ්‍යයන් යටතේ මෙහිදී නිර්මාණ ඉදිපත් කෙරෙන අතර කෙටි චිත්‍රපට, චිත්‍ර නිර්මාණ, ඡායාරූප, සිංහල / දෙමළ කෙටි නාට්‍ය යන අංශ යටතේ ජයග්‍රාහකයින් සම්මානයට පාත්‍ර කිරීම සිදු කෙරිණි.

මෙහිදී හොඳම කෙටි චිත්‍රපටය හිමි සම්මාන Mom’s dinner චිත්‍රපටය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එච්.ඩබ්.සී.පී.අහේෂිකා මහත්මිය දිනා ගත් අතර හොඳම චිත්‍ර නිර්මාණය සඳහා ර / කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ජේ.එම්.බී.නිශාන් ජයලත් මහතා දිනා ගැනිණි.

එමෙන්ම හොඳම ඡායාරූපයට හිමි සම්මානය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආර්.එම්.ඩී.එම්.හසන්තිකා මහත්මිය දිනා ගත්තාය.

අන්තර් රාජ්‍ය සේවක සම්මාන උලේළේ විශිෂ්ටතම නාට්‍යයට හිමි සම්මානය ‘නවතිනු’ නාට්‍ය සඳහා යූ.ඒ.ප්‍රසන්න ගාමිණී කුමාර මහතා දිනා ගත් අතර හොඳම නාට්‍යට සඳහා ‘koduhal warnam poosuhinrana’ නාට්‍ය වෙනුවෙන් පී. සිරිලේකා මහත්මිය සම්මානය දිනා ගැනිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ , අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ සංස්කෘතික ප්‍රවර්ධන ආචාර්ය ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදීන් වන එල්.එස්.මොහාන් රාජ්, කලෙයි චෙල්වම් , යන මහත්ම මහත්මීන් , කලා ශිල්පීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.