යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු වහාම අපනයන කර්මාන්තයේ කොටසක් ලෙස ගංජා වගා කළ හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කර ඇත.

ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කර තිබේ.

එම යෝජනාවට කථානායකවරයාද අත්සන් තබා ඇති බව රාජ්‍ය ඇමැතිවරයා පවසා ඇත.

ගංජා විනෝදාස්වාද මත්ද්‍රව්‍යයක් ලෙස නොව, වෛද්‍ය ඖෂධයක් ලෙස භාවිත කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව එකඟ වී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.