අබුඩාබි T-10 ලීගය 07වැනි වරටත් මෙම වසරේ නොවැම්බර් 28වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන් ක්‍රීඩකයන් 08 දෙනෙකු මෙවර කෙටුම්පත මගින් මිලදී ගත් අතර, ඉතිරි ක්‍රීඩකයන් 06 දෙනා එම කණ්ඩායම් විසින් රඳවාගත් සහ පෙර කෙටුම්පත් කළ ක්‍රීඩකයන් වේ.

ඒ අනුව මෙවර මිලදී ගත් ක්‍රීඩකයන් 08දෙනා සහ ඔවුන්ගේ කණ්ඩායම් මෙසේය.

Kusal Mendis – Bangla Tigers
Kusal Perera – New York Strikers
Chamika Karunaratne – New York Strikers
Lahiru Kumara – New York Strikers
Dunith Wellalage – Delhi Bulls
Dilshan Madushanka – Team Abu Dhabi
Nuwan Thushara – Deccan Gladiators
Lasith Croospulle – New York Strikers

ඒ ඒ කණ්ඩායම් මගින් රඳවාගත් සහ පෙර කෙටුම්පත් කළ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ කණ්ඩායම් මෙසේය.

Matheesha Pathirana – Bangla Tigers
Charith Asalanka – Chennai Braves
Bhanuka Rajapakse – Chennai Braves
Maheesh Theekshana – Morrisville Samp Army
Wanindu Hasaranga – Northern Warriors
Angelo Mathews – Northern Warriors